spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – කෙත්තාරාමේ වැසි ආවරණ ඉවත් කෙරේ – ක්‍රීඩා පිටිය වියලීමේ කටයුතු කඩිනමින් (ඡායාරූප)

වර්ෂාව හේතුවෙන් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටිය ආවරණය කර තිබූ වැසි ආවරණ මේ වනවිට ඉවත්කරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

මේ වනවිටත් කෙත්තාරාම ක්‍රීඩාංගණ සේවකයින් විසින් ක්‍රීඩා පිටිය වේලීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි ආර්.ප්‍රේමදාස පිටියෙන් දැනගන්නට ලැබුණේ.

ඒ, අනුව එම කටයුතු අවසන් වූ වහාම තරගය යළි ආරම්භ කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මේ සඳහා විනාඩි 45ක පමණ කාලයක් ගතවනු ඇති බවයි විචාරකයින් සඳහන් කර සිටියේ.

ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පාකිස්ථාන තරගය අතර තුර ඇඳ හැලුණු වර්ෂාවත් සමඟ තරගය තාවකාලිකව නවතා දමන්නට සිදුවුණා.

ඒ, වනවිට පාකිස්ථාන ආරාධනයෙන් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් සිටියා.

377269216 692616806070047 7290239282336610623 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?