තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ සිය ගුවන් අවකාශය යළි විවෘත කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වනවිට කටයුතු කර තිබෙනවා.
ඒ, අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමනාගමන් මෙහෙයුම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉරානය විසින් එල්ල කරන ලද නව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ගුවන් ගමන්, කාර්ය මණ්ඩලය සහ ජාතික භූමිය ආරක්ෂා කිරීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද (17) අලුයම කටයුතු කර තිබුණා.
ගුවන් කලාපය යළි විවෘත කිරීමෙන් පසු එහි ඉහළම මට්ටමේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අඛණ්ඩ සහ කාලීන නිරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.



