Update – ඇෆ්ගනිස්ථානයට බලපෑ භූකම්පනයෙන් මරණ අටක් – 180 කට තුවාල

උතුරු ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බැවින් මියගිය සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි ඇෆ්ගනිස්ථාන බලධාරීන් සඳහන් කළේ.

මේ අතර භූමිකම්පාවෙන් පුද්ගලයින් 180 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එරට වේලාවෙන් අද (03) අලුයම 1.00ට පමණ සිදු වූ මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 6.3ක් ලෙස සටහන්ව තිබුණා.

භූකම්පනය සිදු වූ උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් හි පුද්ගලයින් 500,000 කට වැඩි පිරිසක් වාසය කරන ප්‍රදේශයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?