Update – මීගොඩ දන්සැල් අනතුර සිදුකළ කැබ් රියදුරාට ලයිසන් නෑ – අනතුර ගැන තවත් තොරතුරු හෙළිවෙයි

මීගොඩ ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගයේ රොටී දන්සැලක පෝලිමක සිටි පිරිසක් වෙත කැබ්රථයක් ධාවනය වී ඊයේ (31) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 07 දෙනෙක් තුවාල ලැබුවා.

රාත්‍රී 11.57ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරාට රියදුරු බලපත්‍රයන නොමැති බවට අනාවරණය වූ බවයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ සේනාධීර සඳහන් කළේ.

අද (01) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ අනතුර සිදුකළ කැබ් රථයේ ආදායම් බලපත්‍රය සහ අනෙකුන් ලියකියවිලි කල් ඉකුත් වී තිබූ බවයි.

මේ අතර අනතුර සිදුව අවස්ථාවේ දී කැබ් රථයේ හිමිකරු ද එහි සිට ඇති බවට තොරතුරි හෙළි වී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

අනතුරින් පසු ඔහු රථයෙන් බැස ගොස් ඇති අතර, ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියේ මේ වනවිට අත්අඩංගුවේ පසුවන අනතුර සිදුකළ කැබ් රථ රියදුරා වෛද්‍ය පරීක්ෂණයක යොමුකර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අද (01) දිනයේ කටයුතු කරන බවයි.

ඔහුට එරෙහිව අපරාධ නීතිය යටතේ ගෙන ආ හැකි උපරිම චෝදනා ගොනුකරන බවත් නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ සේනාධීර වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
1
+1
3
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38