AFC Banner
Empty Ad
Empty Ad

UPDATE – තල්දෙනින් පැන්න නවදෙනාගෙන් තවත් 04 දෙනෙක් අල්ලයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බදුල්ල – තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝදන මධ්‍යස්ථානයේ රඳවා සිටියදී අද (17) අලුයම ඉන් පළා ගිය රැඳවියන් 09 දෙනාගෙන් තවත් 04 දෙනෙකු අත්අඩංගුවට පත්වෙයි.

කන්දකැටිය වැල්ලව තැන්න පාර 10 කොටස කුඹුරුයායේ දී කන්දකැටිය පොලිසිය විසින් මෙම හතරදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පළා යෑමෙන් පසු මීට පෙර රැඳවියන් දෙදෙනෙකු සොයා ගෙන තිබෙන අතර පළාගිය අනෙකුත් රැඳවියන් සොයා මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.

මත්ද්‍රව්‍ය හා සුළු වැරදිවලට චෝදනා ලැබූ තරුණයින් මෙම මධ්‍යස්ථානය තුළ පුනරුත්තාපනය කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?