UPDATE:වනිඳුට බංග්ලාදේශයට එරෙහි T20 තරගාවලිය ම අහිමි වෙයි – ශ්‍රී ලංකා සංචිතයත් එළියට

ශ්‍රී ලංකා පා දඟ පන්දු ක්‍රීඩක වනිඳු හසරංගට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය ම අහිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.

වනිඳු ඊයේ (08) බංග්ලාදේශයට එරෙහිව පැවති අවසන් එක්දින තරගයේ දී පාදයේ ආබාධයකට ලක් වුණා.

නමුත් ඔහු පිටියෙන් ඉවත් වූයේ තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.

ඒ ලකුණු 35කට කඩුලු දෙකක් ද බිඳ හෙලමින්.

කෙසේවෙතත් වනිඳුගේ දකුණු පාදයේ කලවා කොටසේ මාංශ පේෂී පෙරළීමකට ලක් වීම මත වෛද්‍යවරු නිර්දේශ කර ඇත්තේ ක්‍රීඩා කිරීමට නුසුදුසු බවයි.

එබැවින් හෙටින් (10) ආරම්භ වන තරග තුනකින් සමන්විත T20 තරගාවලිය ම වනිඳුට අහිමි වනු ඇති.

ශ්‍රී ලංකා T20 කණ්ඩායමට ද චරිත් අසලංක නායකත්වය ලබා දෙනවා.

ඒ අනුව හෙට දිනයේ දී බංග්ලාදේශයට එරෙහි T20 සංචිතයට එක් ව ඇති ක්‍රීඩකයින් වන්නේ;

චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු හා එෂාන් මාලිංග යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
32
+1
8
+1
19
+1
3
+1
30
+1
4
+1
7
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20
Video thumbnail
රාජාංගන ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි
00:37
Video thumbnail
ත්‍රීවීල් හිමියන් කුපිත වී රෙදි ගැ#වෙන්නම දෙසයි.."ගණන් අඩුයි නෙවෙයි යකෝ හිඟන ගණන් තියෙන්නේ"
08:14


?