UPDATE:වනිඳුට බංග්ලාදේශයට එරෙහි T20 තරගාවලිය ම අහිමි වෙයි – ශ්‍රී ලංකා සංචිතයත් එළියට

ශ්‍රී ලංකා පා දඟ පන්දු ක්‍රීඩක වනිඳු හසරංගට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය ම අහිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.

වනිඳු ඊයේ (08) බංග්ලාදේශයට එරෙහිව පැවති අවසන් එක්දින තරගයේ දී පාදයේ ආබාධයකට ලක් වුණා.

නමුත් ඔහු පිටියෙන් ඉවත් වූයේ තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.

ඒ ලකුණු 35කට කඩුලු දෙකක් ද බිඳ හෙලමින්.

කෙසේවෙතත් වනිඳුගේ දකුණු පාදයේ කලවා කොටසේ මාංශ පේෂී පෙරළීමකට ලක් වීම මත වෛද්‍යවරු නිර්දේශ කර ඇත්තේ ක්‍රීඩා කිරීමට නුසුදුසු බවයි.

එබැවින් හෙටින් (10) ආරම්භ වන තරග තුනකින් සමන්විත T20 තරගාවලිය ම වනිඳුට අහිමි වනු ඇති.

ශ්‍රී ලංකා T20 කණ්ඩායමට ද චරිත් අසලංක නායකත්වය ලබා දෙනවා.

ඒ අනුව හෙට දිනයේ දී බංග්ලාදේශයට එරෙහි T20 සංචිතයට එක් ව ඇති ක්‍රීඩකයින් වන්නේ;

චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු හා එෂාන් මාලිංග යි.

  1. අවිශ්කගේ ලොකු බෝලයක් තියෙනවා. ඒකයි කැපෙන්නැත්තේ. අද දැක්කනේ ටෙස්ට් එකක් වගේ ගැහුවේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21