UPDATE:මාලිනිය යනු සිංහල සිනමාවේ නිධානය‍යි – ජනපති

‘නිළි රැජිනියගෙන් හිස් වූ සිනමාවේ හිස්තැන සදාකාලික හිස්තැනක් වනු ඇති බව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මේ වනවිට (26) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන හෙළ නිළි රැජිනියගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය විසින් ජනාධිපතිවරයාගේ ශෝක පණිවුඩයක් ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

සිනමාවට හරිහමං විශ්වවිද්‍යාලයක් හෝ අදටත් නොමැති ශ්‍රී ලංකාව තුළ මනා රංගන පෞරුෂයකින් සහ ප්‍රතිභාවකින් සමන්විත මාලිනියන්ගේ රංග පරාසය විශිෂ්ට බව ද ජනාධිපතිවරයා සිය ශෝක පණිවුඩයේ සඳහන් වනවා.

මාලිනියන් ලද සෑම ජයග්‍රහණයක් ම ඇය විසින් ලංකා රාජ්‍යයට පිරිනමන ලද ජයග්‍රහණයන් ය.

ශ්‍රී ලාංකික සංස්කෘතියේ බලකණුවක සමුගැන්මක් අද දිනයේ සිදු වන අතර, ඇය ”සිංහල සිනමාවේ නිධානය” බවටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?