UPDATE:කලෙක පටන් වූ ආරවුලක් වෙඩි ප්‍රහාරයට හේතුවයි – මන්නාරම ආරක්ෂක අංශ (වීඩියෝ)

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීම අද (16) පෙරවරුවේ එම අධිකරණ පරිශ්‍රයේ විභාග වෙමින් පැවති නඩු කටයුත්තකට ආ පිරිසක් ඉලක්ක කර සිදු වී ඇති බව එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලැබූ බවත් ඉන් දෙදෙනකු මන්නාරම දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම පිස්තෝලයකින් සිදු කර පලා ගොස් තිබෙනවා.

මන්නාරම – උයිලන්කුලම ප්‍රදේශයේ සිදු වූ ඝාතන සිදුවීම් දෙකක් වෙනුවෙන් සැකපිට අධිකරණය වෙත රැගෙන ආ සැකකරුවන් පිරිසකට එලෙස වෙඩි තැබීම සිදුකොට ඇති බවයි වාර්තා වන්නේ.

කලෙක පටන් මන්නාරම – උයිලන්කුලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ද දසත වාර්තාකරු පැවසුවා.

2022 වසරේ ජුලි මස 08 වැනිදා උයිලන්කුලම, නොච්චිකුලම ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර වූ ගැටුමක් හේතුවෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කොට තිබූ අතර, ඊට පළිගැනීමක් වශයෙන් 2023 වසරේ අගෝස්තු මස 23 වැනිදා මන්නාරම – අඩම්පන් ප්‍රදේශයේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා.

අදාළ ගැටුමේ දිගුවක් ලෙසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?