UPDATE:කලෙක පටන් වූ ආරවුලක් වෙඩි ප්‍රහාරයට හේතුවයි – මන්නාරම ආරක්ෂක අංශ (වීඩියෝ)

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීම අද (16) පෙරවරුවේ එම අධිකරණ පරිශ්‍රයේ විභාග වෙමින් පැවති නඩු කටයුත්තකට ආ පිරිසක් ඉලක්ක කර සිදු වී ඇති බව එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලැබූ බවත් ඉන් දෙදෙනකු මන්නාරම දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම පිස්තෝලයකින් සිදු කර පලා ගොස් තිබෙනවා.

මන්නාරම – උයිලන්කුලම ප්‍රදේශයේ සිදු වූ ඝාතන සිදුවීම් දෙකක් වෙනුවෙන් සැකපිට අධිකරණය වෙත රැගෙන ආ සැකකරුවන් පිරිසකට එලෙස වෙඩි තැබීම සිදුකොට ඇති බවයි වාර්තා වන්නේ.

කලෙක පටන් මන්නාරම – උයිලන්කුලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ද දසත වාර්තාකරු පැවසුවා.

2022 වසරේ ජුලි මස 08 වැනිදා උයිලන්කුලම, නොච්චිකුලම ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර වූ ගැටුමක් හේතුවෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කොට තිබූ අතර, ඊට පළිගැනීමක් වශයෙන් 2023 වසරේ අගෝස්තු මස 23 වැනිදා මන්නාරම – අඩම්පන් ප්‍රදේශයේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා.

අදාළ ගැටුමේ දිගුවක් ලෙසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15