Update:’එක් චීනයක්’ ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා – චීනය සමග අවබෝධතා ගිවිසුම් 15කුත් අත්සන් තැබේ (වීඩියෝ)

‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (15) පස්වරුවේ චීන ජනාධිපති ෂී – ජින්ග්- පින්ග් මහතා නිල වශයෙන් එරට මහජන ශාලාවේ දී හමුවෙමින් මෙරට ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

චීනයේ ආර්ථික, කාර්මික සහ තාක්ෂණ මෙන් ම යටිතල පහසුකම් සංවර්ධනය සේ ම මානව සංවර්ධනය අතින් ද අත්පත් කරගෙන ඇති දැවැන්ත ප්‍රගතිය පිළිබඳ ව ශ්‍රී ලංකාව බෙහෙවින් ම සතුටු වන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.

මේ හේතුවෙන් “ද්විපාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය ඇතුළු සියලු ක්ෂේත්‍රවල එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා” යනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා චීන රජය අමතමින් සඳහන් කළා.

එමෙන්ම චීනය දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති අතර මෙම සංචාරය අපගේ රටවල් සහ ජනතාවගේ අන්‍යෝන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් ශක්තිමත් වෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

මේ අතර චීනය සමග ශ්‍රී ලංකා රජය ආර්ථික, අධ්‍යාපන, මාධ්‍යය සහ සංස්කෘතියට ඉතා වැඳගත් අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34