UPDATE:ඉන්දීය හමුදා ආක්‍රමණය ඉතා ආසන්නයි – රොයිටර්ස් කළ සම්මුඛ සාකච්ඡාවේ දී අනාවරණයක්

නුදුරේ දී ම ඉන්දීය හමුදා පාකිස්තානය ආක්‍රමණය කරන බව එරට ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් මහතා පවසනවා.

ඊයේ (29) රොයිටර්ස් පුවත් සේවය සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවේ දී අසිෆ් මහතා කියා සිටියේ, පසුගිය සතියේ කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසුව න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රටවල් දෙක අතර මේ වන විට දැඩි දේශපාලනික ආතතීන් උත්සන්න වී ඇති බවයි.

එබැවින් නුදුරේ දීම පාකිස්තාන නගර ඉන්දීය හමුදා ආක්‍රමණය කරනු ඇති බවට විශ්වාස කෙරෙන බව ද ආරක්ෂක අමාත්‍ය අසීෆ් මහතා කියා සිටියා.

ජම්මු – කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගෙන පාකිස්තානයේ ක්‍රියාත්මක වන ත්‍රස්ත සංවිධානයක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ අතර එහිදී 26 දෙනෙකු මියගියා.

ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර බහුතරයක් හින්දූන් බවයි වාර්තා වන්නේ.

පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය අසීෆ් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්;

අපි අපේ හමුදා ශක්තිමත් කර තිබෙනවා, මොකද ඒක ළඟදීම වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒ තත්ත්වය තුළ උපායමාර්ගික තීරණ කිහිපයක් ගත යුතුයි, ඒ නිසා ඒ තීරණ අරගෙන තියෙනවා” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
4
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?