UPDATE:ඉන්දීය හමුදා ආක්‍රමණය ඉතා ආසන්නයි – රොයිටර්ස් කළ සම්මුඛ සාකච්ඡාවේ දී අනාවරණයක්

නුදුරේ දී ම ඉන්දීය හමුදා පාකිස්තානය ආක්‍රමණය කරන බව එරට ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් මහතා පවසනවා.

ඊයේ (29) රොයිටර්ස් පුවත් සේවය සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවේ දී අසිෆ් මහතා කියා සිටියේ, පසුගිය සතියේ කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසුව න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රටවල් දෙක අතර මේ වන විට දැඩි දේශපාලනික ආතතීන් උත්සන්න වී ඇති බවයි.

එබැවින් නුදුරේ දීම පාකිස්තාන නගර ඉන්දීය හමුදා ආක්‍රමණය කරනු ඇති බවට විශ්වාස කෙරෙන බව ද ආරක්ෂක අමාත්‍ය අසීෆ් මහතා කියා සිටියා.

ජම්මු – කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගෙන පාකිස්තානයේ ක්‍රියාත්මක වන ත්‍රස්ත සංවිධානයක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ අතර එහිදී 26 දෙනෙකු මියගියා.

ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර බහුතරයක් හින්දූන් බවයි වාර්තා වන්නේ.

පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය අසීෆ් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්;

“අපි අපේ හමුදා ශක්තිමත් කර තිබෙනවා, මොකද ඒක ළඟදීම වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒ තත්ත්වය තුළ උපායමාර්ගික තීරණ කිහිපයක් ගත යුතුයි, ඒ නිසා ඒ තීරණ අරගෙන තියෙනවා” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37