logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

TV සහ රේඩියෝ බලපත්‍ර දෙන්න අලුත් ක්‍රමයක්

ගුවන් විදුලි සහ රූපවාහිනී සඳහා වඩාත් විනිවිද පෙනෙන ආකාරයෙන් බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද(27) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පතේ බොහෝ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව ඔහු පෙන්වා දුන්නා.

ලියාපදිංචි කළ රූපවාහිනි නාලිකා 25ක් හා ගුවන් විදුලි නාලිකා 51ක් රට තුළ පවතින අතර ඇතැම් ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකාවලට බලපත්‍ර ලබාදීම් සම්බන්ධයෙන් අවධානය ‍යොමුකිරීමේදී බරපතල විෂමතාවයන් දක්නට ලැබෙන බවයි ඇමතිවරයා සඳහන් කළේ.

කිසිඳු විධිමත් හා ක්‍රමවත් බවක් නොමැතිව බලපත්‍ර ලබාදුන් නාලිකා තිබෙන අතර ඒවා කිසිවකට අප කිසිවෙකු වග උත්තර කරුවන් නොවන බව දඔහු ප්‍රකාශ කරනවා.

ඒ ඒ මොහොතේ ඇතිවූ තත්ත්වයන් අනුව බලපත්‍ර ලබාදීම් සිදුවී ඇති අතර එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ද ඇමතිවරයා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?