TV සහ රේඩියෝ බලපත්‍ර දෙන්න අලුත් ක්‍රමයක්

ගුවන් විදුලි සහ රූපවාහිනී සඳහා වඩාත් විනිවිද පෙනෙන ආකාරයෙන් බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද(27) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පතේ බොහෝ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව ඔහු පෙන්වා දුන්නා.

ලියාපදිංචි කළ රූපවාහිනි නාලිකා 25ක් හා ගුවන් විදුලි නාලිකා 51ක් රට තුළ පවතින අතර ඇතැම් ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකාවලට බලපත්‍ර ලබාදීම් සම්බන්ධයෙන් අවධානය ‍යොමුකිරීමේදී බරපතල විෂමතාවයන් දක්නට ලැබෙන බවයි ඇමතිවරයා සඳහන් කළේ.

කිසිඳු විධිමත් හා ක්‍රමවත් බවක් නොමැතිව බලපත්‍ර ලබාදුන් නාලිකා තිබෙන අතර ඒවා කිසිවකට අප කිසිවෙකු වග උත්තර කරුවන් නොවන බව දඔහු ප්‍රකාශ කරනවා.

ඒ ඒ මොහොතේ ඇතිවූ තත්ත්වයන් අනුව බලපත්‍ර ලබාදීම් සිදුවී ඇති අතර එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ද ඇමතිවරයා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55