T10 ලීගය වෙනුවෙන් චාමික අබුඩාබියට

අබුඩාබි T10 තරඟාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අබුඩාබි වෙත ගොස් ඇති බව වාර්තා වනවා.

සංචාරක ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය නම් කළ ශ්‍රී ලංකා සංචිතයට චාමිකගේ නම ඇතුළත්ව නොතිබීම හේතුවෙන් ඔහු අබුඩාබි T10 තරඟාවලියට එක්වීම සඳහා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර විනය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මත චාමිකට වසර අත්හිට වූ ක‍්‍රිකට් තහනමක් පැනවීමට ඊයේ කටයුතු කළා.

කෙසේ වෙතත් ඔහුගේ එම තහනම ක්‍රියාත්මක වන්නේ ඔහු නැවතත් ක‍්‍රීඩක ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීමක් සිදුවුවහොත් පමණයි.

චාමිකට අමතරව තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් මෙවර අබුඩාබි T10 තරඟාවලිය සඳහා එක්ව සිටින අතර. තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සහ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එම ක්‍රීඩකයින් වනවා.

මෙවර අබුඩාබි T10 තරඟාවලියට කණ්ඩායම් 08ක් එක්වන අතර, තරගාවලියේ පැවැත්වීමට සැලසුම් කර ඇති සමස්ත තරඟ සංඛ්‍යාව 33ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17