spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

T10 ලීගය වෙනුවෙන් චාමික අබුඩාබියට

අබුඩාබි T10 තරඟාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අබුඩාබි වෙත ගොස් ඇති බව වාර්තා වනවා.

සංචාරක ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය නම් කළ ශ්‍රී ලංකා සංචිතයට චාමිකගේ නම ඇතුළත්ව නොතිබීම හේතුවෙන් ඔහු අබුඩාබි T10 තරඟාවලියට එක්වීම සඳහා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර විනය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මත චාමිකට වසර අත්හිට වූ ක‍්‍රිකට් තහනමක් පැනවීමට ඊයේ කටයුතු කළා.

කෙසේ වෙතත් ඔහුගේ එම තහනම ක්‍රියාත්මක වන්නේ ඔහු නැවතත් ක‍්‍රීඩක ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීමක් සිදුවුවහොත් පමණයි.

චාමිකට අමතරව තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් මෙවර අබුඩාබි T10 තරඟාවලිය සඳහා එක්ව සිටින අතර. තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සහ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එම ක්‍රීඩකයින් වනවා.

මෙවර අබුඩාබි T10 තරඟාවලියට කණ්ඩායම් 08ක් එක්වන අතර, තරගාවලියේ පැවැත්වීමට සැලසුම් කර ඇති සමස්ත තරඟ සංඛ්‍යාව 33ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?