STF නම විකුණා ගෙයක් කොල්ලකෑ කොත්තු බාස් ඇතුළු 5ක් කොටු

බියගම, යටවත්ත ප්‍රදේශයේ නිවෙසකට එස්.ටී.එෆ්. එකෙන් බව පවසමින් අලුයම් කාලයේ ඇතුළු වී නිවෙස් හිමි කාන්තාව හා ඇගේ මව බිය ගන්වා රුපියල් පනස් අට දහසක් සමග රන් ආභරණ කොල්ලකා ගිය පස්දෙනෙකු බියගම පොලිසිය පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේය.

කොල්ලකරුවන් ළඟ තිබී රුපියල් එක් දහස් පන්සිය විස්සක්, ස්මාර්ට් ජංගම දුරකථන හතරක්, රිදී අත් පලඳනා දෙකක් හා රිදී මුදුවක් සොයා ​ගෙන තිබේ. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්.ආර්. සමරසිංහට ලද තොරතුරක් මත කොල්ලය සැලසුම් කරන ලද කොට්ටුන්න පාරේ හෝටලයක කොත්තු බාස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු සෙසු හතරදෙනාද අත්අඩංගුවට ගෙන ඇත.

නිවෙස කොල්ලකා ගෙන පලා යන අවස්ථාවේ කොල්ලකරුවන් නිවැසියන්ට කියා ඇත්තේ කොළඹ, බෞද්ධාලෝක මාවතේ එස්.ටී.එෆ්. කඳවුරට එන ලෙසටය. නිවැසියන් උදෙන්ම එහි යාමෙන් පසුව මෙය කොල්ලයක් බවට තහවුරු වී තිබේ. සැකකරුවන් මත්කුඩුවලට තදින්ම ඇබ්බැහිවුවන් වන අතර ඔවුන් මත්කුඩු හා විවිධ අපරාධ සම්බන්ධව චෝදනා ලැබ සිර දඬුවම් විඳ හා ඇප මත මුදා හැර සිටින අය වෙති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?