spot_imgspot_img

SSP ගේ දෙමහල් නිවස බිඳ කොල්ලකයි

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ වසා දමා තිබූ දෙමහල් නිවසක් බිඳ කොල්ලකෑ පුවතක් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ පානදුර උතුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසකින්.

දෙමහල් නිවසේ හිමිකාරිත්වය පොළොන්නරුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ බවටයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

රුපියල් ලක්ෂ 05කට අධික වටිනා පිත්තල භාණ්ඩ සහ විදුලි උපකරණ, ගෑස් උදුන් එම නිවසින් කොල්ලකරුවන් කොල්ලකා තිබෙනවා.

නිවසේ පිටුපස දොර කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

නිවසට ආරක්ෂිත කැමරා සවිකර ඇතත්; ඩි. වි. ආර්. ගබඩා පද්ධතිය මාස කීපයක සිට අක්‍රීය තත්ත්වයේ පැවති බවට ද හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර අපරාධ කොට්ඨාස අංශය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?