spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

SPC හිටපු සභාපතිට ඇමති සොහොයුරාගෙන් ගුටි ප්‍රහාරයක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සමයුරු සමරසුන්දරට පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය ‍රොෂාන්‍ රණසිංහගේ සොහොයුරා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

වෛද්‍ය සයුරු සමරසුන්දර ඊයේ (26) රාත්‍රීයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව සඳහන්.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විදෙස් ගතව සිටින අමාත්‍ය රොෂාන් රණසිංහගේ මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් ද නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය මඟින් දක්වා ඇත්තේ අමාත්‍යවරයා හට සහෝදරයන් දෙදෙනකු සිටින අතර මේ වනවිට ඔවුන් දෙදෙනාගෙන් එක් සොහොයුරෙකු ජපානයේ ද,අනෙක් සොහොයුරා එංගලන්තයේ ද සිටින බවයි.

මෙම ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය ඔස්සේ තමා හට නිරීක්ෂණය වූ බවත්, ඉන්පසු ඒ පිළිබඳ සොයා බැලීමක් සිදුකළ අතර සයුරු සමරසුන්දර නම් මෙම පුද්ගලයා දැඩි ලෙස බීමත්ව සිහි විකල්ව නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වීමට යාමේදී ඇතිවූ ප්‍රශ්නයක් මත පහරදීමක් සිදුවී ඇති බවත්,ඔහු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බවද රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාවේදීද ඔහු බීමතින් සිටි බවත් එහිදී ද වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හට තර්ජනාත්මක අයුරින් බැන වැදී කලහකාරී ලෙස හැසිරී ඇති බවද රෝහල් කාර්ය මණ්ඩලයෙන් දැනගැනීමට ලැබුණු බව රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?