SPC හිටපු සභාපතිට ඇමති සොහොයුරාගෙන් ගුටි ප්‍රහාරයක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සමයුරු සමරසුන්දරට පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය ‍රොෂාන්‍ රණසිංහගේ සොහොයුරා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

වෛද්‍ය සයුරු සමරසුන්දර ඊයේ (26) රාත්‍රීයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව සඳහන්.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විදෙස් ගතව සිටින අමාත්‍ය රොෂාන් රණසිංහගේ මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් ද නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය මඟින් දක්වා ඇත්තේ අමාත්‍යවරයා හට සහෝදරයන් දෙදෙනකු සිටින අතර මේ වනවිට ඔවුන් දෙදෙනාගෙන් එක් සොහොයුරෙකු ජපානයේ ද,අනෙක් සොහොයුරා එංගලන්තයේ ද සිටින බවයි.

මෙම ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය ඔස්සේ තමා හට නිරීක්ෂණය වූ බවත්, ඉන්පසු ඒ පිළිබඳ සොයා බැලීමක් සිදුකළ අතර සයුරු සමරසුන්දර නම් මෙම පුද්ගලයා දැඩි ලෙස බීමත්ව සිහි විකල්ව නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වීමට යාමේදී ඇතිවූ ප්‍රශ්නයක් මත පහරදීමක් සිදුවී ඇති බවත්,ඔහු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බවද රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාවේදීද ඔහු බීමතින් සිටි බවත් එහිදී ද වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හට තර්ජනාත්මක අයුරින් බැන වැදී කලහකාරී ලෙස හැසිරී ඇති බවද රෝහල් කාර්ය මණ්ඩලයෙන් දැනගැනීමට ලැබුණු බව රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18