AFC Banner
AFC Banner
Empty Ad

SKY, මැක්ස්වෙල් සහ රෝහිත් අතරට එක්වෙද්දී, ඉන්දියාව විස්සයි විස්ස සමකරයි

දකුණු අප්‍රිකාව සමඟ ඊයේ (14) පැවති තුන්වන විස්සයි විස්ස තරගය ජයගන්නට සංචාරක ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

දකුණු අප්‍රිකාව පරදා ඉන්දියාව මෙම තරගය ජයගත්තේ ලකුණු 106කින්.

ජොහැන්නස්බර්ග් හිදී පැවති මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිළ පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 201ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මෙහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක සූර්යකුමාර් යාදව් පන්දු 56ක් තුළ වේගවත් ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

සූර්යකුමාර් ඊයේ රැස්කළ මෙම ශතකය ඔහුගේ සිව්වන ජාත්‍යනතර විස්සයි විස්ස ශතකය වන අතර, ඒ සමඟ ඔහු විස්සයි විස්ස වැඩිම ශතකලාභීන් අතර රෝහිත් ශර්මා සහ ග්ලේන් මැක්ස්වෙල් සමඟ සමතැන ගන්නට සමත්වීම ද විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී කේෂව් මහාරාජ් සහ ලිසාඩ් විලියම්ස් ඉන්දීය ඉනිමේ කඩුලු 02 බැඟින් බිද දැමුවා.

අනතුරුව ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිතිකරුවන් සියල්ල පන්දුවට 13යි පන්දු 05ක් තුළ ලකුණු 95කට සිමාකරන්නට ඉන්දීය පන්දු යවන්නන්ට හැකියව හිමි වුණා.

එහිදී කුල්දීප් යාදෙව් දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමුවේ පන්දුවාර 02යි පන්දු 05ක් තුළ ලකුණු 17ක් පමණක් ලබාදෙමින්.

ඒ, අනුව මෙම තරගය ජයගත් ඉන්දීය කණ්ඩායම තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එකට එකක් ලෙස සම කරන්නට සමත් වුණා.

තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අතර, දෙවන තරගය දකුණු අප්‍රිකාව කඩුලු 05කින් ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?