RISING BHARATH සමුළුවට නාමල් රාජපක්ෂ ඉන්දියාවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් තිබෙනවා.

මන්ත්‍රීවරයා අද (08) උදෑසන ඉන්දියාව ලබා පිටත්ව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඉන්දියාවේ දී පැවැත්වෙන “RISING BHARATH” සමුළුවේ විශේෂ දේශනයක් සඳහා මන්ත්‍රීවරයා මෙලෙස ඉන්දියාව ලබා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්වීමට නියමිතයි.

ඊට අමතරව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, බොලිවුඩ් නිළි කාජල් ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රබලයන් රැසක් මෙම සමුළුවේ දේශන පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද (08) සහ හෙට (09) යන දෙදින තුළ මෙම සමුළුව ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
4
+1
17
+1
2
+1
2
+1
2
+1
13
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?