කොළඹ වරාය නගරය නැරඹීමට පැමිණෙන පුද්ගලයින් ඒ අවට සාගර කලාපයට අපද්‍රව්‍යය බැහර කළහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අවධාරණය කරනවා.
මාධ්‍යට අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මියයි මේ බව කියා සිටියේ.
මේ අතර සාගර කලාපයට අපද්‍රව්‍ය බැහැර කිරීම වළක්වමින් පොර්ට් සිටි ආයතනය සමග සම්බන්ධ වී දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ වරාය නගරය නැරඹීමට යාමේදී හෝ අනෙකුත් අවස්ථාවලදී සාගර පරිසරයට අපද්‍රව්‍යය බැහැර කිරීමෙන් වළකින ලෙසයි දර්ශනී ලහඳපුර මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.