AFC Banner
Empty Ad
Empty Ad

PHIගෙන් එන්නත් ඉල්ලු හිමිනම අවසානයේ හිමිනමගේ ශක්තිය පෙන්වු හැටි

කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඊයේ (14) භික්ෂූන් වහන්සේ නමක් වැඩම කර තිබුණි.

එම අවස්ථාවේදී එහි සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පවසා තිබුණේ අද එන්නත් ලබාදීමක් සිදුනොවන බවය.

ඉන් උරණ වූ එම භික්ෂුව එහි සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දී තිබුණි.

පහර කෑමට ලක්වූ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ වනවිට කැකිරාව දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව කැකිරාව පොලීසිය විසින් සැකකාර භික්ෂූන් වහන්සේ ඊයේ පස්වරුවේම අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ,

“සයිනොෆාම් එන්නත් මාත්‍රා 5ක බහලුම් තමයි තියෙන්නේ. එකක් ගත්තොත් අනෙක් 4 අපතේ යන බවට මේ ස්වාමීන් වහන්සේට පැහැදිලි කරලා තියෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ අගමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව පවසමින් පහරදීම සිදුකරලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?