PCR කළ යුතු අය සහ ඇන්ටිජන් පරීක්ෂණ කළ යුතු අය කවුද ? – ආචාර්ය ජීවන්දරගෙන් දැනුම් දීමක්

ඇමරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නව නිර්දේශවලට අනුව, කොරෝනා ආසාදිත පුද්ගලයෙකු සමග සමීප සම්බන්ධතා පැවත් වූ අයෙකු දින 3ත් 5ත් අතර කාලය තුළ දී කොවිඩ්-19 සඳහා පරීක්ෂණයක් සිදුකළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යාආයතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් අද (09) කරුණු සඳහන් කළා.

ඇමරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය මීට පෙර නිර්දේශ කර තිබුණේ, දින 5ත් 7ත් අතර කාලසීමාවක් තුළ කොවිඩ්-19 සඳහා පරීක්ෂණය සිදු කළ යුතු බවයි.

කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයෙකු නම් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය සිදු කිරීම යෝග්‍ය බවත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීම යෝග්‍ය බවත් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?