2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) පන්ජාබ්ස් කින්ග්ස් කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රෙයාස් අයියර් පත් කර තිබෙනවා.
මීට පෙර වර්ෂයේ දී මෙම කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කළේ ඉන්දීය හිටපු ආරම්භක පිතිකරුවෙකු වූ ශිකර් ධවාන්.
ශ්‍රෙයාර්ස් අයියර් ව මෙවර පන්ජාබ් කින්ග්ස් විසින් මිල දී ගනු ලැබූ අතර ඔහුට නායකත්වය හිමි වීමට ආසන්නතම හේතුව වන්නේ 2024 වර්ෂයේ කොල්කටා නයිට් රයිඩර්ස් හි නායකත්වය ගෙන කටයුතු කරමින් ශූරතාව දිනා ගැනීමට සමත් වීමයි.
එමෙන්ම අයියර්ගේ නායකත්වය මෙම වසර මුල දී මුම්බායි කණ්ඩායම වෙනුවෙන් සයිඩ් මුෂ්තාක් අලි කුසලානය දිනා දීමට අවස්ථාව ලබා ගත්තා.
ක්‍රීඩක වෙන්දේසියේ දෙවන මිල අධිකම ක්‍රීඩකයා වන්නේ ද ශ්‍රෙයාර්ස් අයියර්.
තමන් හට නව කණ්ඩායමක නායකත්වය හිමි වීම ගැන අයියර් පවසා ඇත්තේ මෙවැන්නක්;
“කණ්ඩායම මා කෙරෙහි විශ්වාසය තැබීම ගැන මට ගෞරවයක් දැනෙනවා. පුහුණුකරු රිකී පොන්ටින් සමඟ නැවත වැඩ කිරීමට මම බලාපොරොත්තු වෙනවා,” අයියර් ප්‍රකාශ කළා.