One Direction තරුවක් වන ලියාම් පේන්ගේ මරණයට තිදෙනකු අල්ලයි – මරණය සිදුවෙද්දී සිහිමුර්ජාවකින් පෙළිලා

පසුගියදා ආර්ජින්ටිනාවේ හෝටල් කාමරයකින් පහතට වැටී ජීවිතක්ෂයට පත් වූ සුප්‍රසිද්ධ ගායක ලියාම් පේන්ගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

BBC මාධ්‍ය වාර්තා කළේ; One Direction තරුවක් වන ලියාම් පේන් පසුගිය ඔක්තෝබර් 16 වැනිදා රාත්‍රියේ දී බුවනෝස් අයර්ස් හි තරු පහේ හෝටලයකට සිය සංගීත ක්ෂේත්‍රයේ මිත්‍රයෙකුගේ ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට පැමිණ සිටි අවස්ථාවේ දී මෙම අනතුරට මුහුණ පෑ බවයි.

එම හෝටල් කාමරයේ තුන්වැනි මහලේ රැඳී සිටි ලියාම් ඉන් පිටතට ඇදවැටීමෙන් මොළයට සිදු වූ බරපතළ හානි හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා.

ජාතික අපරාධ හා විශෝධන නඩු පවරන්නන්ගේ කාර්යාලයට අනුව, ලියාම් සමග හෝටල් කාමරයේ රැඳී සිටි පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය සැපයීම සහ මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ලියාම්ට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් හෝටල් සේවකයෙකුට සහ තවත් පාර්ශ්වයකටත් චෝදනා එල්ල වී තිබෙනවා.

31 හැවිරිදි එක්දරු පියෙකු වන පේන්ගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වනවිට ආර්ජන්ටිනාවේ බලධාරීන් විසින් සිදු කරනු ලබන අතර ගායකයාගේ මරණයෙන් පසු පොලිසිය ඔහු රැඳී සිටි හෝටල් කාමරයෙන් මත්ද්‍රව්‍ය කොටස් සොයාගෙන ඇති බවත් වාර්තා වනවා.

රජයේ අභිචෝදක කාර්යාලය පැවසුවේ එම හෝටල් කාමරයේ තිබී ශරීරයට අහිතකර විෂ මත්ද්‍රව්‍ය කොටස් මියගිය පේන්ගේ සිරුරේ තිබූ බවත් අධික ලෙස ඇල්කොහොල්, කොකේන් සහ විවිධ ඖෂධ අධිමාත්‍රාවෙන් ශරීරගත ව තිබූ බවත් සොයාගත් බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයකින් ඔහුගේ මරණයට හේතුව තීරණය වූයේ හෝටලයේ බැල්කනියෙන් වැටීමේ ප්‍රතිඵලයක් ලෙස “බහුවිධ කම්පනය” සහ “අභ්‍යන්තර හා බාහිර රුධිර වහනය” බවත් වාර්තා වුණා.

එමෙන්ම පේන් බිමට ඇද වැටීමෙන් පසු අඩ සිහියෙන් එනම් සිහි මුර්ජාව සිටින්නට ඇති බවත් වෛද්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මරණය සිදුවන අවස්ථාවේ දී අධික වශයෙන් මත්ද්‍රව්‍ය ශරීරයට එක් කර තිබීම නිසාවෙන් ලියාම් පේන් විසින් තමන් සිදු කරනු ලබන්නේ කුමක් දැයි නිශ්චිතව ම වටහාගත නොහැකි තත්ත්වයකින් සිටින්නට ඇති බවට ද වෛද්‍ය වාර්තා පෙන්වා දී ඇති බවයි පැවසෙන්නේ.

ලියාම් පේන්ගේ දේහය පෙරේදා (06) දිනයේ දී නැවත ඔහුගේ මව්බිම වන එක්සත් රාජධානියට භාරදීමට පියවර ගෙන ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
12
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15