One Direction තරුවක් වන ලියාම් පේන්ගේ මරණයට තිදෙනකු අල්ලයි – මරණය සිදුවෙද්දී සිහිමුර්ජාවකින් පෙළිලා

පසුගියදා ආර්ජින්ටිනාවේ හෝටල් කාමරයකින් පහතට වැටී ජීවිතක්ෂයට පත් වූ සුප්‍රසිද්ධ ගායක ලියාම් පේන්ගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

BBC මාධ්‍ය වාර්තා කළේ; One Direction තරුවක් වන ලියාම් පේන් පසුගිය ඔක්තෝබර් 16 වැනිදා රාත්‍රියේ දී බුවනෝස් අයර්ස් හි තරු පහේ හෝටලයකට සිය සංගීත ක්ෂේත්‍රයේ මිත්‍රයෙකුගේ ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට පැමිණ සිටි අවස්ථාවේ දී මෙම අනතුරට මුහුණ පෑ බවයි.

එම හෝටල් කාමරයේ තුන්වැනි මහලේ රැඳී සිටි ලියාම් ඉන් පිටතට ඇදවැටීමෙන් මොළයට සිදු වූ බරපතළ හානි හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා.

ජාතික අපරාධ හා විශෝධන නඩු පවරන්නන්ගේ කාර්යාලයට අනුව, ලියාම් සමග හෝටල් කාමරයේ රැඳී සිටි පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය සැපයීම සහ මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ලියාම්ට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් හෝටල් සේවකයෙකුට සහ තවත් පාර්ශ්වයකටත් චෝදනා එල්ල වී තිබෙනවා.

31 හැවිරිදි එක්දරු පියෙකු වන පේන්ගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වනවිට ආර්ජන්ටිනාවේ බලධාරීන් විසින් සිදු කරනු ලබන අතර ගායකයාගේ මරණයෙන් පසු පොලිසිය ඔහු රැඳී සිටි හෝටල් කාමරයෙන් මත්ද්‍රව්‍ය කොටස් සොයාගෙන ඇති බවත් වාර්තා වනවා.

රජයේ අභිචෝදක කාර්යාලය පැවසුවේ එම හෝටල් කාමරයේ තිබී ශරීරයට අහිතකර විෂ මත්ද්‍රව්‍ය කොටස් මියගිය පේන්ගේ සිරුරේ තිබූ බවත් අධික ලෙස ඇල්කොහොල්, කොකේන් සහ විවිධ ඖෂධ අධිමාත්‍රාවෙන් ශරීරගත ව තිබූ බවත් සොයාගත් බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයකින් ඔහුගේ මරණයට හේතුව තීරණය වූයේ හෝටලයේ බැල්කනියෙන් වැටීමේ ප්‍රතිඵලයක් ලෙස “බහුවිධ කම්පනය” සහ “අභ්‍යන්තර හා බාහිර රුධිර වහනය” බවත් වාර්තා වුණා.

එමෙන්ම පේන් බිමට ඇද වැටීමෙන් පසු අඩ සිහියෙන් එනම් සිහි මුර්ජාව සිටින්නට ඇති බවත් වෛද්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මරණය සිදුවන අවස්ථාවේ දී අධික වශයෙන් මත්ද්‍රව්‍ය ශරීරයට එක් කර තිබීම නිසාවෙන් ලියාම් පේන් විසින් තමන් සිදු කරනු ලබන්නේ කුමක් දැයි නිශ්චිතව ම වටහාගත නොහැකි තත්ත්වයකින් සිටින්නට ඇති බවට ද වෛද්‍ය වාර්තා පෙන්වා දී ඇති බවයි පැවසෙන්නේ.

ලියාම් පේන්ගේ දේහය පෙරේදා (06) දිනයේ දී නැවත ඔහුගේ මව්බිම වන එක්සත් රාජධානියට භාරදීමට පියවර ගෙන ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
12
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?