MH17 ගුවන් යානා අනතුරින් මියගිය 298 දෙනා සිහි කෙරේ

මීට වසර 10කට පෙර යුක්රේනයට ඉහළින් වෙඩි ප්‍රහාරයකට ලක් වූ MH17 ගුවන් යානා අනතුරෙන් මියගිය 298 දෙනා සිහිපත් කිරීමේ වැඩසටහනක් නෙදර්ලන්තයේ දී පැවැත්වුණේ මැලේසියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ යුක්රේනයේ නියෝජිතයින්ගේ ද සහභාගීත්වයෙන්.

2022 රුසියාවේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ පූර්වගාමියා වූ රුසියානු හිතවාදී බෙදුම්වාදීන් සහ යුක්‍රේන හමුදා අතර සටන් ඇවිළී යද්දී 2014 ජූලි 17 වැනිදා ඇම්ස්ටර්ඩෑම් සිට ක්වාලාලම්පූර් දක්වා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන් යානය නැගෙනහිර යුක්‍රේනයට ඉහළින් වෙඩි තබා බිම හෙළනු ලැබුවා.

නෙදර්ලන්ත ජාතිකයන් 196ක් ඇතුළුව යානයේ සිටි මගීන් 283 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙක් මිය ගියා.

ජාත්‍යන්තර පරීක්ෂණයක් මත පදනම්ව, 2022 දී නෙදර්ලන්ත අධිකරණයක් කියා සිටියේ යානයට රුසියානු මිසයිල පද්ධතියකින් වෙඩි තබා ඇති බවට කිසිදු සැකයක් නොමැති බවයි.

කෙසේ වෙතත් රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44