LPL පිටිය මැද පැටලුනු මෙන්ඩිස්, චාමික දෙදෙනාට දඩ සහ දඬුවම්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ක්‍රීඩා ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට දඬුවම් සහ දඩ පැනවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් වන කුසල් මෙන්ඩිස්, චාමික කරුණාරත්න පාකිස්ථාන ක්‍රීඩකයින් දෙදෙනෙක් වන හසන් අලීට සහ නසීම් ෂාට එරෙහිව මෙලෙස දඬුවම් සහ දඩ පැනවීම් සිදුකළ බවයි ලංකා ප්‍රිමියර් ලීග් තරග සංවිධායකයින් සඳහන් කළේ.

ඒ, අනුව වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලීට තරඟ ගාස්තුවෙන් සියයට 15ක දඩයක් සහ දඬුවම් ලකුණක් පැනවිටම තීරණයට කර තිබෙනවා.

මේ අතර පසුගිය 05 වනදා පැවති දඹුල්ල අවුරා සහ කලම්බෝ ස්ට්‍රයිකස් අතර තරගයේ දී පිටිය මැද ගැටුමක් ඇතිකර ගත කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්නට දඬුවම් සහ දඩ මුදල් පැනවීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව කුසල් මෙන්ඩිස්ට තරඟ ගාස්තුවෙන් සියයට 10ක දඩයක් සහ දඬුවම් ලකුණක් පැනවීමටත් චාමික කරුණාරත්නට තරඟ ගාස්තුවෙන් සියයට 30ක දඩයක් සහ දඬුවම් ලකුණු 02ක් ද පනවා තිබෙනවා.

පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂාට තරඟ ගාස්තුවෙන් සියයට 20ක දඩයක් සහ එක් දඬුවම් ලකුණක් පනවා ඇත්තේ පසුගිය ජුලි 30 වනදා ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම් අතර පැවති තරඟයේදී තරඟ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
16
+1
4
+1
1
+1
8
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34