LPL පිටියේ ලැබූ දැවැන්ත ජයත් සමඟ කැන්ඩි ෆැල්කන්ස් පෙරමුණට

ඊයේ (06) ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගවලියේ පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට තිසර පෙරේරා නායකත්වය දරණ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට සහ වනිඳු හසරංග නායකත්වය දරණ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම්වලට හැකියාව ලැබුණා.

තරගාවලිය ආරම්භ කරමින් පළමුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් තරග බිමට පිවිසියා.

මේ තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කරන්නට ජැෆ්නා කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගාවලියේ දෙවන තරගය ලෙස ඊයේ (06) රාත්‍රියේ තරග බිමට පිවිසියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ආරම්භක පිතිකරු යුගළය ලෙස පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්රේ ෆ්ලෙචර් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සම්බඳතාවක් ගොඩනැඟුවා.

මෙහිදී ඇන්ඩ්රේ ෆ්ලෙචර් මෙවර තරගවලියේ පළමු ශතකය රැස්කරමින් පන්දු 67ක් තුළ නොදැවී ලකුණු 102ක් රැස් කිරීමට සමත් වුණා.

පැතුම් නිස්සංක පන්දු 41ක් තුළ වේගවත් ලකුණු 71ක් රැස්කරමින් සිය පිත්තෙන් කණ්ඩායමට දායකත්වය සැපයුවා.

මේ අතර පිළිතුරු ඉනිම ආරම්භ කළ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට එතරම් සාර්ථක වීමට කැන්ඩි පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ලකුණු 200ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කලම්බෝ කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 03ක් තුළ ලකුණු 90කට සියල්ලන් දැවී ගියා.

එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග මෙවර තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය බිඳ දැමීමට සමත් වූ අතර, ඔහු පන්දුවාර 03ක් යවා ලකුණු 14කට කඩුලු 04ක් බිඳ දැමුවා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෆේබියන් ඇලන් පන්දු තුනක් යවා කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තරගයෙන් ලකුණු 109ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගත් කැන්ඩි ෆැල්කන්ස් ක්‍රීඩකයින් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්..ආණ්ඩුව විශ්වාසනම්..මිනිස්සු තෙල් පෝළිම්වල ඉන්නේ නෑ
05:26
Video thumbnail
අනිවාර්යයෙන් QR එක හඳුන්වලා දෙනවා ?තෙල්වලට මුදල් QR එකෙන්ම ගෙවීමේ අවස්ථාවක්
02:45
Video thumbnail
අපේ ඉන්ධන නැව් එන්නේ මැද පෙරදිගින් නෙවෙයි..කළබලයක් ඇති කරගන්න එපා
02:23
Video thumbnail
බොරුවටනේ අපේ මිනිස්සු කලබල වුණේ..මෙන්න ෂෙඩ්වලට දාන්න තෙල් පටවන ගමන්
03:28
Video thumbnail
CPC සභාපති කළ විශේෂ ප්‍රකාශය මෙන්න..කූඨ ව්‍යාපාර සිදුකරන අයට රතු එළියක්
04:40
Video thumbnail
"පෙට්‍රල් නෑ - ඩීසල් තියෙනවා ඕන තරම් ග#න්නම්"මහරගම ෂෙඩ්වල පෝළිම් නෑ - තෙලුත් නෑ
00:44
Video thumbnail
ඉන්ධන නොමැතිව බෙලිඅත්ත නගරයේ ඉන්ධන පිරවුම්හල වැසෙයි
00:38
Video thumbnail
ආණ්ඩුව හොඳයි - මැච් එක ග#න් යනවා..මගේ වාහනේට විතරක් ෆුල් ටෑන්ක් ග#ගෙන මොන මඟුලක් කරන්නද ?
04:10
Video thumbnail
ශ්‍රී මහා බෝධියට මහ සෙනඟක් ඇදෙයි..බැතිමතුන්ගෙන් පන්සල් පිරී ඉතිරෙයි
01:13
Video thumbnail
ශම්මි, ඩඩ්ලි, නාමල්, සජිත් ගැන දුමින්ද එක පෙළට කිව්ව සැර කතාව..විපක්ෂය තනිකරම අඳබාල විපක්ෂයක්
05:55