logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

LPL ක්‍රිකට් වසන්තය අද ඇරඹෙයි

2024 ලංකා ප්‍රීමීයර් ලීග් තරගාවලිය අද (01) ආරම්භ වීමට නියමිතයි.

මෙවර තවලියේ පළමු තරගය පසුගියවර ශූරයින් වූ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් අතර පැවැත්වීමට පැවැත්වෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, තරගය ආරම්භ වන්නේ අද (01) පස්වරු 7.00ටයි.

තරගාවලියේ සමාරම්භක උත්සවය ආරම්භ වන්නේ අද (01) පස්වරු තුනටයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ තුනේ දී මෙවර එල්.පී.එල්. තරගාවලියේ තරග පැවැත්වීමට සැකසුම්කර තිබෙනවා.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය ඇතුළුව සම්පූර්ණ තරග 24ක් පැවැත්වීමට නියමිත අතර, අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ජූලි 21 වන ඉරිදා දිනයේ දීයි.

යම් හේතුවක් මත එදිනට අවසන් මහා තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ සඳහා අතිරේක දිනයක් ලෙස 22 වන සඳුදා දිනය වෙන්කර තිබෙනවා.

කණ්ඩායම් පහක් මෙවර තරගාවලියට එක්ව සිටින අතර, එම කණ්ඩායම්වල විදෙස් ක්‍රීඩකයින් බහුතරයක් මේ වනවිටත් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
4
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?