LPL ඇරඹුමේ දී ජාතික ගීය ගැයූ ආකාරය ගැන විමර්ශනයක්

LPL ක්‍රිකට් තරගාවලියේ ආරම්භක උත්සවයේදී ජාතික ගීය විධිමත් නොවන ආකාරයෙන් ගායනා කිරීම හා වාදනය කිරීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන්නැයි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එල්.පී.එල් ආරම්භක උත්සවයේදී උමාරා සිංහවංශ ජාතික ගීය ගායනා කිරීමේදී හා එය වාදනය කිරීමේදී විධිමත් ආකාරයෙන් සිදු නොකිරීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කරමිනුයි මෙම ඉල්ලීම් සිදු කර ඇත්තේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් වාර්තාවක් තමාට ලබා දෙන ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් රංජිත් අශෝක මහතාට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු අදාළ විමර්ශන සිදු කරනු ලබනවා.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුකර තිබේදැයි යන්න සම්බන්ධයෙන් මූලිකව සොයා බලනු ඇති.

විමර්ශන වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදී ඉන් අනතුරුව නීතිපති උපදෙස් ලබාගැනීමට තීරණය කර ඇති බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා උමාරා සිංහවංශ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණෙන ලෙසට දැනුම් දීමක් ද සිදු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්ට කළ දැනුම් දීම අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34