KDU සරසවියට සිසුන් ඇතුළත් කරගන්නේ UGC සේ Z-Score අගය සලකා නෙවෙයි – අගමැතිනිය (වීඩියෝ)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට (KDU) සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගන්නා ආකාරයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සලකා බලනු ලබන කඩයිම් ලකුණු ( Z-Score) අගය මත නොවන බව උසස් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

අද (04) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින විශ්වවිද්‍යාලයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හඳුන්වන බව ද අගමැතිනිය පැවසුවා.

එබැවින් එක් සුවිශේෂී අවස්ථාවක දී පමණක් එනම්, 2019 වර්ෂයේ දී පමණක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වෛද්‍ය පීඨයට සිසුන් 100ක් ඇතුළත් කිරීමට සිදු වූ බැවින්, එහිදී භාණ්ඩාගාරයෙන් එම දරුවන්ට මුදල් ගෙවා කොතලාවල විශ්වවිද්‍යාලයට සුවිශේෂී තත්ත්වයක් යටතේ ඇතුළත් කළ බවත්, ඉන් පසුව කිසිදු අයුරකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉසෙයිඩ් ස්කෝර් අගය සලකමින් කොතලාවල සරසවියට සිසුන් ඇතුළත් කරනොගත් බව ද හරිනි අමරසූරිය අගමැතිනිය අවධාරණය කළා.

එබැවින් කොතලාවල විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරන්නේ ඔවුන්ට ම අනන්‍ය වූ ක්‍රමවේදයක් මත බව ද අගමැතිනිය සඳහන් කළා.

මේ අතර පසුගියදා නවක සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් නතර කරනු ලැබුවා.

ඊට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පැමිණිල්ලක් භාරදීමටයි අගතියට පත් පාර්ශ්වයන් කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
18
+1
49
+1
6
+1
3
+1
5
+1
23
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?