KDU බසය පැදවූ බස් ඩ්‍රයිවර්ගේ ලයිසන් එකේ ලොකු ප්‍රශ්නයක්

පසුගිය 01 වනදා බදුල්ල – මහියංගනය මාර්ගයේ අඹගස් හන්දිය ප්‍රදේශයේ අනතුරට ලක් වූ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය මාස පහට අත්හිටුවා ඇති බව අද (05) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී අනාවරණය වුණා.

පසුගිය අගෝස්තු මස 04 වනදා අක්මීමන, ලබුදූව ප්‍රදේශයේ දී බීමත්ව බස් රථයක් පදවා යතුරුපැදියක් අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත අගෝස්තු 06 වන දින ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 5,000ක දඩයක් සහ ඔහුගේ රියදුරු බලපත්‍රය මාස 05කට මෙලෙස අත්හිටුවා තිබෙනවා.

උඩුගම, දාම්මල ප්‍රදේශයේ පදිංචි රියදුරු විසින් සිය රියදුරු බලපත්‍රය අත්හිටුවීමෙන් පසු හිනිදුම පොලිසියේ සිය රියදුරු බලපත්‍රය අස්ථානගත වූ බවට පැමිණිලි කර වෙනත් රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය දා බදුල්ලේ සිදුවූ අනතුරින් පසු ඔහු සනතකයේ එම රියදුරු පත්‍රය තිබූ බවට අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට හමුවේ සඳහන් කළා.

මෙම කරුණු සැලකිල්ලට ගත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අදාළ රියදුරු බලපත්‍රය එහි රියදුරුට මුදානොහැර තාවකාලිකව අධිකරණ භාරයේ රඳවා තබන ලෙස නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
6
+1
14
+1
1
+1
8
+1
7
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15