ISIS සාමාජිකයන්ට සම්බන්ධ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ISIS සංවිධානයට සම්බන්ධතා ඇති බවට සැකපිට සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා දෙමටගොඩ – වේළුවන මාවතේ පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.

මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් 22 වැනිදා හලාවත, දැදුරුඔය – කුම්බුට්ටුකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටින තම ඥාති නිවසකට පැමිණ ඇති අතර එහිදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ISIS සංවිධානයට සම්බන්ධ බව කියන, මේ වනවිට අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින ජෙයරාජ් පුෂ්පරාජා ඔස්මන් යන අයගේ සහෝදරයෙකු විවාහ වී සිටින බිරිඳගේ සහෝදරයින් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ධීවරයෙකු වන අතර අනෙක් සැකකරු බහාලුම් අංගනයක සේවය කරන බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා නිවාස පින්තාරු කරන්නන් ලෙස පෙනී සිටිමින් හලාවතට පැමිණ තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මොවුන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ ISIS ත්‍රස්තවාදීන් සිවුදෙනා ශ්‍රී ලංකාවෙන් පැමිණි ඔස්මන් ජෙයරාඩ් විසින් මෙහෙයවන්නන් බවට ආරක්ෂක අංශ සැක පළ කරනවා.

පසුගිය 20 වැනිදා ISIS ත්‍රස්තවාදීන් යැයි සැකපිට ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද්හිදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ සිදුකළ පරීක්ෂණවලදී කරුණු කිහිපයක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් මොහොමඩ් නුස්රත් නමැත්තා සිංගප්පූරුව, මැලේසියාව, ඩුබායි ඇතුළු රටවලින් දුරකථන උපකරණ සහ විදුලි උපකරණ ගෙන්වා කොළඹ අලෙවි කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මීට අමතරව කොළඹ රැඳී සිටි නුස්රත් හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් 2020 සැප්තැම්බර් 16 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බවද අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් අනෙකුත් සාමාජිකයින් දෙදෙනා වන මොහොමඩ් පාරිස් සහ මොහොමඩ් රස්ටින් ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

මොහොමඩ් පාරිස් කොළඹ ප්‍රදේශයේ කම්කරුවෙකු ලෙස සේවය කර ඇති අතර ඔහු පසුගිය වසරේ මාර්තු 11 සහ නොවැම්බර් 01 යන දිනවල කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

එසේම 2022 සැප්තැම්බර් 16 වැන්දා කොළඹ වෙරළබඩ පොලිසිය විසින් මොහොමඩ් රස්ටින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ සමගම පාස්කු ප්‍රහාරය සිදුකළ ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත් සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන පුද්ගලයාට රුපියල් ලක්ෂ 20 ක පරිත්‍යාගයක් ලබාදෙන බව ද පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15