AFC Banner
Empty Ad
Empty Ad

IPL ශූරයින් වූ කිං ඛාන්ගේ නයිට්වරු සතුට සැමරුවේ මෙහෙමයි (ඡායාරූප)

2024 අයි.අයි.පී.එල් තරගාවලියේ ශූරතාව දිනාගන්නට බොලිවුඩ් නළු ශාරුක් ඛාන් හිමිකාරිත්වය දරණ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) රාත්‍රියේ සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින්.

චෙන්නායි හි එම්.ඒ. චිදම්බරන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම අවසන් මහා තරගය කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ජයගත්තේ කඩුලු 08කින්.

තරගයේ කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 113ක් පමණයි.

හයිද්‍රාබාද් ඉනිම වාර්තා අතරට එක් වුණේ අයි.අයි.පී.එල් තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක දී කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

අනතුරුව ලකුණු 114ක ඉලක්කයක් හඹාගිය කොල්කටා පිතිකරුවන් එම ඉලක්කය පන්දුවාර 10යි පන්දු 03ක් තුළ පසුකර ගියේ කඩුලු 02ක් පමණක් දැවී තිබියදීයි.

එම ඉලක්කය හඹා යෑමේ දී ආරම්භ පිතිකරු ලකුණු 39ක් රැස්කළ අතර, හයිද්‍රාබාද් පන්දු යවන්නන්න්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 52ක් රැස් කළා.

ඒ, අනුව කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට තුන්වන වරටත් වසර 09කට පසු අයි.අයි.පී.එල්. කුසලනයට හිමිකම් කීමට අද රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඔවුන් මීට පෙර 2012 සහ 2014 යන වසරවල දී අයි.අයි.පී.එල් ශූරයින් බවට පත් වුණා.

මේ අතර අයි.අයි.පී.එල් ශුරතාව දිනාගත් කොල්කටා ක්‍රීඩකයින් සිය සතුට ඊයේ රාත්‍රියේ සැමරුවේ මෙලෙසින්.

711c5063 828c 4837 95f7 58f89dda44fb
1da01778 c4f2 4621 b5a8 5c8b81fdedab
40170339 de04 48ff ae98 38e2fee4d455
22b939a7 cc6d 49ad b254 952129365bb3
f873bd4b 25ce 436f b804 9263b2670e14
0d17184f 328a 41f2 be93 541400849453
0ad5e41b 83cf 47f0 b085 3b24096cdc51
1e0aad58 9b88 4b09 848f 18679cc4d082
0decef0e 0fad 4935 8c9d 75e38df9cb2c
06763337 43f8 4b4b 8e60 e52387e5786d
f707c8b2 1645 45b7 9afc b97e867f0b5d
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
0
+1
5
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?