IPL ශූරයන් චෙන්නායි සුපර් කිංග්ස්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2021 වසරේ ශූරයන් බවට පත්වීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.

ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වරක් ශූරයන් බවට පත්වීමට චෙන්නායි කණ්ඩායමට හැකිවිය.

ඊයේ පැවැති අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ඉයන් මෝර්ගන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මුලින්ම පන්දුවට පහරදීමට පැමිණි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 192ක් රැස්කර ගැනීමට සමත් විය.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 59කදී දැහැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් ද සමග ලකුණු 86ක් රැස්කර ගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 165ක් පමණියි.

එහිදී කොල්කටාව වෙනුවෙන් වෙන්කටේෂ් අයියර් ලකුණු 50ක් සහ ෂුබ්මන් ගිල් ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය චෙන්නායි කණ්ඩායමේ ෆෆ් ඩු ප්ලෙසිස් විසින් දිනා ගත් අතර, තරගාවලියේ වීරයා සම්මානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමේ හර්ෂල් වික්‍රම් පටේල් විසින් දිනා ගනු ලැබීය.

https://youtu.be/JIUqDYgXtbQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?