IPL ශූරයන් චෙන්නායි සුපර් කිංග්ස්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2021 වසරේ ශූරයන් බවට පත්වීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.

ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වරක් ශූරයන් බවට පත්වීමට චෙන්නායි කණ්ඩායමට හැකිවිය.

ඊයේ පැවැති අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ඉයන් මෝර්ගන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මුලින්ම පන්දුවට පහරදීමට පැමිණි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 192ක් රැස්කර ගැනීමට සමත් විය.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 59කදී දැහැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් ද සමග ලකුණු 86ක් රැස්කර ගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 165ක් පමණියි.

එහිදී කොල්කටාව වෙනුවෙන් වෙන්කටේෂ් අයියර් ලකුණු 50ක් සහ ෂුබ්මන් ගිල් ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය චෙන්නායි කණ්ඩායමේ ෆෆ් ඩු ප්ලෙසිස් විසින් දිනා ගත් අතර, තරගාවලියේ වීරයා සම්මානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමේ හර්ෂල් වික්‍රම් පටේල් විසින් දිනා ගනු ලැබීය.

https://youtu.be/JIUqDYgXtbQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09