IPL පිටියෙන් සමුගත් බ්‍රාවෝ යළිත් චෙන්නායි සුපර් කිංග්ස් පිළට

බරහිර ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් විශ්‍රාම යන බව ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නා.

වසර 15ක පමණ කාලයක් අඛණ්ඩව අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කළ බ්‍රාවෝ ඉන් වසර 10ක පමණ කාලයක් සිය දායකත්වය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් සැපයනු ලැබුවා.

කෙසේ වෙතත් 2023 තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් බ්‍රාවෝව නිදහස් කිරීමට චෙන්නායි කණ්ඩායමේ කළමණාකාරීත්වය පසුගිය දා තීරණය කළා.

කෙසේ වෙතත් මෙවර අයි.පී.එල්. තරගාවලියට අයදුම්කළ ක්‍රීඩකයින් අතර, ඩ්වේන් බ්‍රාවෝ දක්නට නොලැබීමත් සමඟයි මේ පිළිබඳව දැඩි කතා බහක් මතු වුණේ.

ඒ, අනුව ක්‍රිකට් විචාරකයින් මත පළ කළේ බ්‍රාවෝ නොදන්වාම අයි.පී.එල්. තරග බිමට සමුදී ඇති බවයි.

විචාරකයින් මතය තහවුරු කරමින් ඩ්වේන් බ්‍රාවෝ ඊයේ සඳහන් කළේ තමන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් විශ්‍රාම ගන්නා බවයි.

බ්‍රාවෝගේ මෙම තීරණයත් සමඟ මීට පෙර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ඔහුව කණ්ඩායමෙන් නිදහස් කර තිබූ චෙන්නායි පිළ යළිත් ඔහුව කණ්ඩායමට කැඳවා ගන්නට තීරණය කර තිබෙනවා.

ඒ, 2023 තරගාවලිය තුළ ක්‍රීඩකයෙකුට එහා ගිය වගකීමක් ඔහුට පවරමින්.

ඒ, අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය මේ වනවිට තීරණය කර ඇත්තේ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී බ්‍රාවෝ සිය කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර සඳහා පත් කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට රු. 120ට වී ගන්න බෑ - අපි අසරණ වෙලා ඉන්නේ
08:56
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
02:30
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06