IPL තරග විකාශය බංග්ලාදේශය තුළ නවතා දැමීමේ සූදානමක්

2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායමේ තරඟ පැවැත්වෙන ස්ථාන වෙනස් කරන ලෙස ඉල්ලා සිටින ලෙස බංග්ලාදේශ අන්තර්කාලීන රජය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

ඒ, අනුව ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාව තුළ සහභාගීවන තරග සියල්ල ඉන්දියාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඊයේ (03) දිනයේ සමාජ මාධ්‍ය සටහනක් තබමින් බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් විසින් මෙම තීරණය තහවුරු කරනු ලැබුවා.

තරඟාවලියේදී බංග්ලාදේශයේ තරඟ සඳහා විකල්ප ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යෝජනා කරන ලෙසත් අන්තර්කාලීන රජය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට නියෝග කර ඇති බවයි අසිෆ් නස්රුල් පවසන්නේ.

මේ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් මත කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉවත් කිරීමෙන් පසුව අයි.පී.එල් තරග බංග්ලාදේශය තුළ විකාශනය නවතා දැමීමේ තීරණයකට එළඹීමට නියමිත බවයි ක්‍රීඩා මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

බංග්ලාදේශයේ හින්දු සුළුතරයන්ට පහරදීම් පිළිබඳ වාර්තා මධ්‍යයේ බංග්ලාදේශ ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් සංචිතයෙන් ඉවතට දමන ලෙස ඉන්දියාව තුළ පසුගිය දින කිහිපයේ දැඩි මතවාදයක් ගොඩ නැඟුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34