AFC Banner
AFC Banner
Empty Ad

IPL තරගාවලියට පෙර දෝනි ගත් තීරණය

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව චෙන්නායි කණ්ඩායමේ නව නායකත්වයට ජඩේජා පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

චෙන්නයි සුපර් කිංග්ස් පිල IPL තරග 204 කදී මෙහෙයවා ඇති දෝනි ඉන් තරග 121ක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති අතර ඔහු පරාජයට පත්ව ඇත්තේ තරග 81ක් පමණයි.

එමෙන්ම IPL ඉතිහාසයේ සිව්වතාවක් කිරුළට හිමිකම් කීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වූ අතර, ඒ සෑම අවස්ථාවකදීම කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවේ ඔහු විසින් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?