IPL කණ්ඩායම් කිහිපයක් වෙන්දේසියට පෙර රඳවා ගන්නා ක්‍රීඩක ලැයිස්තු එළියට

2025 අයි.පී.එල් තරගාවලියට අදාළව සියලුම කණ්ඩායම් වෙන්දේසියට පෙර ඔවුන්ගේ ක්‍රීඩක රඳවා ගැනීම් ප්‍රකාශයට පත් කළ යුතු වනවා .

ඔක්තෝම්බර් 31 වන විට ඔවුන්ගේ ක්‍රීඩක රඳවා ගැනීම් ප්‍රකාශයට පත්කළ යුතු බවටයි දැනුම් දී ඇත්තේ.

ඒ, අනුව The Indian Express හි වාර්තාවකට අනුව මුම්බායි ඉදියන්ස් කණ්ඩායම විසින් හර්දික් පාණ්ඩ්‍යා, සූර්යකුමාර් යාදව්, ජස්ප්‍රිත් බුම්රා සහ රෝහිත් ෂර්මාව රඳවා ගැනීමට සූදානමින් සිටින බව සඳහන්.

මේ අතර 2024 තරගාවලියේ දී රෝහිත් වෙනුවට හර්දික් පාණ්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමෙන් පසු දිග හැරුණේ කුමන ආකාරයේ නාට්‍යයක් ද යන්න කවුරුත් දන්නා කරුණක්.

එමෙන්ම එළඹෙන තරගාවලිය වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙකු පමණක් රඳවා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් තීරණය කර තිබෙනවා.

සංජු සැම්සන්, යෂස්වි ජයිස්වාල් සහ රියාන් පරාග් එම ක්‍රීඩකයින් බවයි තොරතුරු වාර්තා වන්නේ.

මීට අමතරව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමෙන් ඉවත්වෙතැයි සිතූ රිශාබ් පාන්ට් තවදුරටත් දිල්ලි කණ්ඩායමේරැඳී සිටිනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඊට අමතරව දන්ත පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් ද දිල්ලි පිල විසින් රඳවා ගැනීමට නියමිත තවත් ක්‍රීඩකයෙක්.

මේ අතර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් නිකොලස් පූරන්ව එළඹෙන තරගාවලිය සඳහාත් කණ්ඩායම තුළ රඳවා ගැනීමට නියමිත අතර, අයුෂ් බදෝනි සහ වේග පන්දු යවන මොහ්සින් ඛාන් ද රඳවා ගැනීමට ඉඩ ඇති බව සඳහන්.

කෙසේ වෙතත් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කේ.එල්. රාහුල්ගේ අනාගතය සැක සහිත බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කළේ.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වේග පන්දු යවන අර්ෂ්දීප් සිං සමඟ සාකච්ඡා පවත්වන අතර, ශෂාන්ක් සිං සහ අශුතෝෂ් ෂර්මා යන පිතිකරුන් දෙදෙනා ද කණ්ඩායම තුළ රඳවා ගැනීමේ බලාපොරොත්තුවක් ඇති බවට වාර්තා වනවා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක පැට් කමින්ස්, කඩුලු රකින පිතිකරු හෙන්රිච් ක්ලාසන් සහ ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා රඳවා තබා ගැනීම ස්ථිරකර තිබෙනවා.

එමෙන්ම මේ මස මුලදී ඉන්දියාව වෙනුවෙන් සිය පළමු විස්සයි විස්ස තරගය සදහා ක්‍රීඩා කළ නිතිෂ් කුමාර් රෙඩ්ඩි ද ඔවුන්ගේ තවත් විකල්පයක් වනවා.

මේ අතර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නායක ශ්‍රෙයාස් අයියර් සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ඇන්ඩ්‍රේ රසල් සහ සුනිල් නරේන් එළඹෙන තරගාවලිය වෙනුවෙන් රඳවා ගැනීමට නියමිත බව සඳහන්.

කඩුලු රකින පිතිකරු එංගලන්ත ක්‍රීඩක ෆිල් සෝල්ට් කෙරෙහිද කොල්කටාවේ තවත් අපේක්ෂාවක් වන අතර, යොවුන් වේග පන්දු යවන හර්ෂිත් රානා ද රඳවා ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

2025 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් සෑම ෆ්‍රැන්චයිසයකටම ක්‍රීඩකයින් හය දෙනෙකු රඳවා තබා ගැනීමට ඉඩ දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11