spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IMF දෙවැනි වාරිකය ලැබීමෙන් ණය ප්‍රතිව්‍යූහගතකරණයට ධනාත්මක බලපෑමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය හිමිවීම මගින් ඇති වන විශ්වාසය සහ එහි ධනාත්මක බලපෑම මගින් මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණයට විශාල වශයෙන් සහයෝගයක් හිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ එක්සත් ජාතීන්ගේ දිනය වෙනුවෙන් කොළඹ මූලස්ථානයේ පැවැති වැඩසටහනෙ ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමින්.

ආර්ථික අර්බුදය උග්‍ර වූ පසුගිය වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතන ශ්‍රී ලංකාවට ඒ මොහොතේ ලබාදුන් සහාය අතිශය අගය කරන බවයි.

තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීම සඳහා ශ්‍රී ලංකාව සුවිශේෂී පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

වේගවත් ව්‍යූහාත්මක වෙනස්කම් රැසකට අවතීර්ණ වීමක් ද ඒ හරහා සිදු කර ඇති බවයි හෙතෙම පැමිණ සිටි දෙස් විදෙස් නියෝජිතයින් අමතමින් පැවසුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් දෙවැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330ක දෙවැනි වාරිකය ලබා ගැනීම පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පසුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Image 2023 10 25 at 10.54.04 1 2
WhatsApp Image 2023 10 25 at 10.54.04 1
WhatsApp Image 2023 10 25 at 10.54.05 1 1
WhatsApp Image 2023 10 25 at 10.54.05 2
WhatsApp Image 2023 10 25 at 10.54.07 1 1
WhatsApp Image 2023 10 25 at 10.54.07 2
WhatsApp Image 2023 10 25 at 10.54.08 1
WhatsApp Image 2023 10 25 at 10.54.09 1
WhatsApp Image 2023 10 25 at 10.54.13 1
WhatsApp Image 2023 10 25 at 10.54.14 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?