AFC Banner
Empty Ad
Empty Ad

IMF දූත කණ්ඩායමක් අද දිවයිනට

ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ දූත කණ්ඩායමක් අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙලෙස දිවයිනට පැමිණෙන්නේ; මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක්.

එම කණ්ඩායම ඔක්තෝම්බ‍ර් 04 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නව රජයේ ආථික විශේෂඥයින් හමුවීමටද නියමිතයි.

මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙක් සඳහන් කරන්නේ; ඔවුන් මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා ආර්ථික වැඩසටහන යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිත බවයි.

මූල්‍ය අරමුදලේ මෙම දූත කණ්ඩායම සමග මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ මූලික සාකච්ඡාවක් පමණක් සිදු කෙරෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (01) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළා.

ඒ පිළිබඳව ව්‍යුහාත්මකව සාකච්ඡා කිරීම ඔක්තෝබර් මස අග භාගයේදී නිව්යෝර්ක් නුවර පැවැත්වීමටද නියමිත බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?