IMF ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පසු විපරම් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් මෙම කමිටුවේ සාමාජිකන් ලෙස නම්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කමිටුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පසු විපරමක් කළ යුතු අතර, බදු ප්‍රතිපත්ති, බදු ප්‍රතිශතයන් වෙනස්වීම්, වක්‍ර බදු අඩු කරමින් සෘජු බදු ඉහළ නැංවීම ආදිය ගැන නිරන්තයෙන් සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම ගැන ද මෙම කමිටුව විසින් සොයා බැලිය යුතු අතර, දූෂණ මර්දන පනත වැනි අණ පනත් ගැන ද සොයා බලමින් මාසයකට වරක් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ යුතුයි.

ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව කටයුතු කරන ආකාරය පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට ද නියමිත බව සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22