IMF සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික සමුළුව අද ඇරඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ 2026 වාර්ෂික සමුළුව අද (12) තායිලන්තයේ බැංකොක් නුවරදී ආරම්භ වනවා.

ගෝලීය ආර්ථිකය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රටවල් 191ක නියෝජිතයින් 15,000කට අධික සංඛ්‍යාවක් මෙම සමුළුවට එක්වීමට නියමිතයි.

මෙම වාර්ෂික සමුළුව මේ මස 18 වනදා අවසන් වීමට නියමිතව තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ ආර්ථික ස්ථාවරත්වය මෙන්ම රටේ අනාගත ආර්ථික පරිවර්තනය සඳහා වන සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.