ICRC නියෝජිතයින් සහ කතානායක අතර හමුවක්

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිතයන් පිරිසක් කතානායක ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms Séverine Chappaz), ශ්‍රී ලංකා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සන්නිවේදන කළමනාකරු රුවන්ති ජයසුන්දර මෙනවිය, ජාත්‍යන්තර රතු කුරුස සහ රතු ක්‍රෙසන්ට් සමිති සම්මේලනයේ දකුණු ආසියානු නියෝජිත ප්‍රධානි ජෝන් එන්ට්විස්ල් මහතා (Mr John Entwistle) සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා ඇතුළු පිරිසක් මෙම හමුව සදහා එක් වී සිටියා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ක්‍රියාකාරිත්වය සහ එමගින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා එහි දායකත්වය ලබා දිය හැකි ආකාරයන් පිළිබඳ ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වැඩමුළුවක් පැවැත්වීම පිළිබද සාකච්ඡා කිරීම හමුවේ මුලික අරමුණ වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන නව ප්‍රතිපත්ති සහ දසවන පාර්ලිමේන්තුව මගින් ළඟා කරගෙන ඇති නව දේශපාලන සංස්කෘතික ජයග්‍රහණ පිළිබඳවත් මෙහි දී දෙපාර්ශ්වයේ අවධානයට යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09