ICRC නියෝජිතයින් සහ කතානායක අතර හමුවක්

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිතයන් පිරිසක් කතානායක ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms Séverine Chappaz), ශ්‍රී ලංකා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සන්නිවේදන කළමනාකරු රුවන්ති ජයසුන්දර මෙනවිය, ජාත්‍යන්තර රතු කුරුස සහ රතු ක්‍රෙසන්ට් සමිති සම්මේලනයේ දකුණු ආසියානු නියෝජිත ප්‍රධානි ජෝන් එන්ට්විස්ල් මහතා (Mr John Entwistle) සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා ඇතුළු පිරිසක් මෙම හමුව සදහා එක් වී සිටියා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ක්‍රියාකාරිත්වය සහ එමගින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා එහි දායකත්වය ලබා දිය හැකි ආකාරයන් පිළිබඳ ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වැඩමුළුවක් පැවැත්වීම පිළිබද සාකච්ඡා කිරීම හමුවේ මුලික අරමුණ වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන නව ප්‍රතිපත්ති සහ දසවන පාර්ලිමේන්තුව මගින් ළඟා කරගෙන ඇති නව දේශපාලන සංස්කෘතික ජයග්‍රහණ පිළිබඳවත් මෙහි දී දෙපාර්ශ්වයේ අවධානයට යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23