HOPE GATE කටුනායක ගුවන්තොටුපොලේදී විවෘත වෙයි

විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී ගෞරවනීය පිළිගැනීමක් ලබාදෙමින්, විදේශ ගත ශ්‍රමිකයින් සදහාම වෙන්වූ විශේෂ පිවිසුම් ද්වාරය, HOPE GATE නමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් අද (01) උදෑසන විවෘත විය.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපොලෙන් විදේශ රටකට පිටත්ව යන ශ්‍රමිකයාට මෙන්ම විදේශ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් සදහා මෙම නව පිවිසුම් ද්වාරය විවෘත වේ. ඒ අනුව ගුවන්තොටුපොලේදී විදේශ ගත ශ්‍රමිකයාට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට නියමිත අතර, ඒ සදහා සහාය ලබාදීමට විශේෂ සත්කාරක සේවා සැපයීමේ කණ්ඩායමක්ද යොදවා තිබේ.

HOPE GATE හරහා ඉදිරියේදී විදේශ ගත ශ්‍රමිකයින් සදහා වෙන්වූ විශේෂ විවේක පහසුකම් ලබාගැනීමේ ස්ථානයක්ද ගුවන්තොටුපොලේ ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

මුදල් හෝ බලය ඇති පිරිසට ගුවන් තොටේ දී ලැබෙන වීඅයිපී පහසුකම විගමනික ශ්‍රමිකයන්ටත් ඒ ලෙසින් ම ලබා දෙන බවත්, HOPE GATE යනු විදෙස්ගත වන ශ්‍රමිකයා පිටවන හෝ පැමිණෙන දොරටුව පමණක් නොව රටේ අනාගතය ම ගොඩනැගීමේ බලාපොරොත්තුවේ ස්වර්ණමය ද්වාරය බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවැසීය.

එහි දී මනුෂ නානායක්කාර ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

පුංචි පිරිසක් එකතු වෙලා ලොකු අවදානමක් එක්ක මේ රට භාර ගනිද්දී අපිට තිබුණේ පුංචි බලාපොරාත්තුවක් විතරයි. ඒ කොහොම හරි මේ රට ගොඩනගනනවා කියන අපේක්ෂාව. දරුණු ආර්ථික අර්බුදයකින් අරාජික වෙලා තිබුණු රටට අපි බලාපොරොත්තුවක් දුන්නා. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාස හතළිස් අටක කාලයකට ඩොලර් බිලියන 2.9ක් ලබා දෙන්න කාර්ය මණ්ඩල එකගතාවට ඇවිත් තියෙනවා. රටේ අනාගතයට පුංචි කොළ එළියක බලාපොරොත්තුවක් දැල් වෙලා තියෙනවා. දවස් ගාණක් තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ හිටිය අපිට දැන් ඒ පෝලිම් ඉවර වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. රුපියල් පන්සීයට යයි කියලා හිතපු ඩොලරය පවතින් මට්ටමේ ම තියෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. මේ සියල්ල පටන් ගත්තේ පුංචි බලාපොරාත්තුවකින්.

කෙනෙක් විදෙස්ගත වෙන්නෙත් තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවයි. හොද නිවසක්, වාහනයක්, දරුවන්ට අධ්‍යාපනයක් වගේ ම ඉහළ ජීවන තත්ත්වයක බලාපොරොත්තුවෙන්. මේ පිරිස තමන්ගේ බලාපොරොත්තු ඉටුකර ගත්තාම ඒ ඉටුවෙන්නේ රටේත් බලාපොරොත්තුව. මොකද ඔවුන් එවන මුදලින් තමයි රටට අවශ්‍ය ආනයන සම්පාදනය කර ගන්නේ. එතකොටයි අපි හැමෝම බලාපොරොත්තු වෙන රට අපට නිර්මාණය කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ සදහා මේ දොරටුවෙන් පිටවෙන ශ්‍රමිකයා මුලින් තමන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න ඕනෑ. ඒ නිසයි මේක හෝප් ගේට් එකක්, බලාපොරොත්තුවේ දොරටුවක් වෙන්නේ. ඒකට අපි භෞතික ව විතරක් නෙවෙයි මනසිනුත් දියුණු වෙන්න ඕනෑ. ඒ දියුණු රට ගොඩනැගීම තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව වෙන්නේ.

ඒ නිසා මුදල් සහ බලය තියෙන පිරිසට සීමා වී තියෙන වීඅයිපී පහසුකම මේ ද්වාරයෙන් පිටව යන සියලු විගමනික ශ්‍රමිකයන්ටත් ලබා දෙන්න කටයුතු කරනවා. මේ පිරිස යන්නේ රටට ඩොලර් රැගෙන එන්න මිස රටේ ඩොලර් වියදම් කරන්න නෙවෙයි. ඒ නිසා ගුවන් තොටුපලේ දී විගමනික ශ්‍රමිකයාට අවශ්‍ය සියලු පහසුකම් සහ ගෞරවය ලබා දිය යුතුයි. ඒකට දියුණු ආකල්ප සහිත, සියලු දෙනාට ම සහ වෘත්තීන්ට ම එක හා සමානව ගරු කරන මනා ශික්ෂණයක් සහ පුහුණුවක් ලත් කණ්ඩායමක් විසින් සේවා ලබා දිය යුතුයි. ගුවන් තොටුපළේත්, ගුවන් යානයේත් විගමණික ශ්‍රමිකයාට ලැබුණු තුන්වැනි පංතියේ සැලකීම අවසන් විය යුතුයි. ඒක රාජකාරියෙන් ඔබ්බට ගිහින් හදවතින් ම කළ යුතු කාර්යයක්.

රැකියාවට විදෙස්ගත වන ශ්‍රමිකයාත් තමන්ගේත්, රටේත් බලාපොරොත්තු ඉටුකරගෙන, තවත් පිරිසකට මේ බලාපොරොත්තුවේ දොරටුවෙන් පිටවෙන්න අවශ්‍ය පසුබිම ආරක්ෂා කරගෙන රැකියාව කළ යුතුයි. වැදගත් විදියට හම්බ කරලා, වැදගත් විදියට මුදල් එවන වැදගත් ශ්‍රමිකයන්ට වැදගත් විදියට සලකන්නත් අපි සූදානම්. මේ දේවල් කළා වගේ ම ලබන සතිය වෙද්දී විශ්‍රාම වැටුපත් ආරම්භ කරනවා. ඒ වගේ ම සමන පොලී සමග විශේෂ නිවාස ණය වැඩසටහනකුත් ඉදිරියේ දී ක්‍රියාත්මක කරනවා. ඒ සියල්ලට හිමිකම් තියෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වුණු පිරිසට පමණයි.

මෙම අවස්ථාවට එක් ව සිටි නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙසේ පැවැසී ය.

මේ රටේ ජාතික අවශ්‍යතාවයක් පරිපූර්ණ කිරීමට මනුෂ නානායක්කාර ඇමැතිතුමා ඉතා නිර්මාණශීලී වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නංවලා තියෙනවා. ඉන් එකක් තමයි මේ බලාපොරොත්තුවේ ද්වාරය. මෙච්චර කාලයක් විදස්ගත ශ්‍රමිකයන්ට රටවිරුවා කියලා වචනෙන් විතරයි සැලකුවේ.

දේශපාලනඥයන්ට ගුවන්තොටේ වෙනම වීඅයිපී ද්වාරයක් තියෙනවා. අතේ මිටේ තියෙන අයට වගේ ම ඩොලර් වලින් ගෙවන අයටත් විශේෂ පහසුකම් සහිත වීඅයිපී ද්වාර තියෙනවා. අද ඉදන් අනෙකුත් ගුවන් මගීන් අතරින් විගමනික ශ්‍රමිකයන්ටත් විශේෂත්වයක් සහිත ව ගෞරවාන්විත ව පිටවීමට, පැමිණීමට, පිළිගැනීමට සහ පහසුකම් සැපැයීමට වීඅයිපී ද්වාරයක් විවෘත වෙනවා. දේශපාලනඥයාට, ව්‍යාපාරිකයාට ලබා දෙන සැලකිල්ල, පිළිගැනීම, පහසුකම් සහ සේවාවවන් විගමනික ශ්‍රමිකයාටත් ඒ විදියට ම ලබා දීම තමයි මේ ද්වාරය විවෘත කිරීමේ අරමුණ. විදේශ රැකියා අමාත්‍යවරයා විදියට මනුෂ නානායක්කාර මහතාගේ සංකල්පයකට මේ විදියට පණ දෙන්න ලැබුණු එක ගැන විෂය භාර අමාත්‍යවරයා විදියට ඉතාමත් සතුටු වෙනවා. එසේ ම විගමණික ශ්‍රමිකයන්ට කුළී රථ රියදුරන්ගෙන් නොයෙක් අකටයුතුකම් වන බවටත් පැමිණිලි ලැබිලා තියෙනවා. ඉදිරියේ දී විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් ම වෙන් වූ විශේෂ ප්‍රවාහන පහසුකම් සපයා දෙන්නටත් ගුවන්තොටුපල කාර්යයන්වල දී සහය වීම පිණිස පුහුණු කරන ලද විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ද යෙදවීමටත් කටයුතු කරනවා.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය, ගුවන්තොටුපොල සහ ගුවන්තොටුපොල සේවා සමාගමේ සභාපති විශ්‍රමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක යන මහත්වරුද විගමනික ශ්‍රමිකයෝද එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40