spot_imgspot_img

Galle Titans කණ්ඩායමට ලකුණු 158ක ඉලක්කයක්

LPL ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy සමග අද පැවැත්වෙන තරඟය ජය ගැනීමට Galle Titans කණ්ඩායමට ලකුණු 158ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් B-Love Kandy කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 157ක්.

වනිඳු හසරංග ලකුණු 48ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 38ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සොනාල් දිනූෂ සහ ළහිරු කුමාර කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරඟයේ Galle Titans කණ්ඩායමේ පිළිතුරු ඉනිම ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?